අග්නිදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් හෙට (ජනවාරි 08) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකිය. විශේෂයෙන් ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මීට අමතරව උතුරු පළාත, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. තවද, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ.


























