බෙලරුස් වෙතින් එල්ල වන ජාවාරම් බැලූන (Smuggler Balloons) හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට බාධා ඇතිවීම නිසා ලිතුවේනියානු රජය අඟහරුවාදා (දෙසැම්බර් 09) හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, හමුදාවට පොලිසිය හා දේශසීමා ආරක්ෂක අංශ සමඟ මෙහෙයුම් සිදු කිරීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය. සිගරට් ප්‍රවාහනය කරමින් බෙලරුසියාව (රුසියාවේ සමීපතම මිතුරෙකි) විසින් එවනු ලබන මෙම කාලගුණික බැලූන ‘දෙමුහුන් ප්‍රහාරයක්’ ලෙස ලිතුවේනියාව හඳුන්වන අතර, මේ හේතුවෙන් විල්නියස් ගුවන් තොටුපළ නැවත නැවතත් වසා දැමීමට සිදු වී ඇත. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ව්ලැඩිස්ලාව් කොන්ද්‍රටොවික් ප්‍රකාශ කළේ, මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා බාධා කිරීම් හේතුවෙන් පමණක් නොව ජාතික ආරක්ෂක අවශ්‍යතා හේතුවෙන්ද බවයි. බෙලරුස් විසින් මෙම බැලූන සම්බන්ධයෙන් වගකීම ප්‍රතික්ෂේප කරන අතර, ලිතුවේනියාව ද්‍රෝණ යොදා ගනිමින් ‘අන්තවාදී ද්‍රව්‍ය’ හෙළීමට කටයුතු කරන බවට චෝදනා කරන නමුත් ලිතුවේනියාව එය ප්‍රතික්ෂේප කරයි. පාර්ලිමේන්තුව එකඟ වුවහොත්, හමුදාවට යම් භූමි ප්‍රදේශයකට ප්‍රවේශය සීමා කිරීමට, වාහන නවත්වා පරීක්ෂා කිරීමට, පුද්ගලයන්, ඔවුන්ගේ ලේඛන සහ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමට, සහ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් රඳවා ගැනීමට බලය ලැබෙනු ඇත.


























