බෙල්ජියම-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ බෙල්ජියම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික මෙන්ම බෙල්ජියම–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ෆ්‍රැන්කි ඩිමන් මහතා අතර හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා (20) පැවැත්විණි. මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාව බෙල්ජියම සහ යුරෝපා සංගමය (EU) සමඟ පවත්වන අඛණ්ඩ සම්බන්ධතා පිළිබඳව විස්තර කරන ලදී. දෙපාර්ශවය විසින් පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීම මෙන්ම මිත්‍රත්වය, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්‍ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *