බොරැල්ලේ කාන්තාවක නිරුවත් කළ සිද්ධිය: ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට!

බොරැල්ල ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක නිරුවත් කර එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෑත දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ එම අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ය.​සිද්ධියේ ප්‍රධාන සැකකරු වන බොරැල්ල, ෆෙයාර්ෆීල්ඩ් ගාඩ්න්ස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයා, හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැඟව සිටියදී ඉකුත් ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය. මොහුට සැඟව සිටීමට ආධාර අනුබල දීම සහ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 44 සහ 55 යන වයස්වල පසුවන තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයා තම නිවසේ සේවය කළ මෙහෙකාරියක පිරිසක් ඉදිරියේ නිරුවත් කර, එය පටිගත කොට වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ප්‍රධාන සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ. අත්අඩංගුවට ගැනීම මඟහැරීම සඳහා සැකකරු කාලයක් තිස්සේ ප්‍රසිද්ධ හෝටල් කිහිපයක මාරුවෙන් මාරුවට රැඳී සිට ඇති බව පොලිසිය පවසයි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් එළඹෙන පෙබරවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

What's your reaction?

Related Posts

1 of 973

Leave A Reply

Your email address will not be published. Required fields are marked *