බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන වාර්ෂික සීමිත ඕවර මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු 28 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී ක්‍රීඩා මංගල්‍යය වෙනුවෙන් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී තරගයට අදාළ ප්‍රවේශ පත්‍රය සහ තේමා ගීතය නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරිණි.බොරැල්ල කන්නංගර විද්‍යාලයේ විදුහල්පතිනි සිරාණි විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. පාසල් ද්විත්වය අතර පවත්නා සුහදත්වය සහ ක්‍රීඩා කෞශල්‍යය ඔප්නැංවීම අරමුණු කරගත් මෙම මහා තරගය මෙවරත් ඉතාමත් උද්යෝගිමත් අයුරින් සංවිධානය කිරීමට කන්නංගර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඇපකැප වී කටයුතු කර ඇත.මෙම අවස්ථාවට කන්නංගර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමන්ත රූපතුංග, ලේකම් නදීන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික ඉන්දික සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. දෙපාර්ශවයේම ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ නොමඳ උනන්දුව මධ්‍යයේ මාර්තු මස අගභාගයේදී ක්‍රීඩා පිටිය වර්ණවත් කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.


























