​බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියේ විමර්ශන යළි අරඹන්නැයි කතෝලික සභාවෙන් ඉල්ලීමක්!

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ බෝම්බයක් හමුවීමේ සිදුවීමට වසර හතරක් සපිරීම නිමිත්තෙන් අද (11) බොරැල්ලේදී පවත්වන ලද විරෝධතාවයකදී, එම සිදුවීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා කතෝලික සභාව වෙනුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ එහි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසිනි.​මෙහිදී අදහස් දැක්වූ පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ, බොරැල්ල දේවස්ථානයේ බෝම්බ නාටකය පිළිබඳව මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස ඇති සැබෑ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා වත්මන් රජය කටයුතු කරනු ඇතැයි කතෝලික සභාව බලාපොරොත්තු වන බවයි. මෙම අභිරහස් සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කිරීම රජයේ වගකීමක් බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *