බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය ඉදිරියේදී අද දින නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා

මීට වසර තුනකට පෙර මෙම දේවස්ථානයේ තිබී බෝම්බයක් හමුවුවත් සෑහීමකට පත්විය හැකි පරීක්ෂණයක් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධතාවය මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණා

අද උදෑසන පැවති දේව මෙහෙයෙන් අනතුරුව විරෝධතා පුවරු අටැතිව පැමිණි බැතිමතුන් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියා

ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා,
ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක.

එවකට පොලිස්පති වශයෙන් සිටි දේශපන්දු තෙන්නකෝන් මහතා මෙම පරීක්ෂණ පිළිබඳ කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ

දැන් වසර තුනක් ගතවෙලා තිබෙනවා අපි සාධාරණ පරීක්ෂණයක් මෙම නිහඬ විරෝධතාවය තුළින් ඉල්ලා සිටිනවා

මෙම බෝම්බය තැබූ සැබෑ පුද්ගලයා කවුද ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවිය යුතුයි

ලෝරන්ස් රාමනායක පියතුමා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් මේ ගස් වල අතු ඉවත් කරලා වැඩක් නැහැ

මේ යට තියෙන මුල් පිටින් මේවා උදුරලා දාන්න ඕනි අපි බලාපොරොත්තු වෙනවා ක්ලින් ශ්‍රී ලංකා තුළින් අතීතයේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙයි කියලා

මෙම නිහඬ විරෝධතාවයට එක්වී සිටින ජනතාව තුළින් පිළිබිඹු වන්නේ එයට සාධාරණය ඉටු විය යුතු බවයි

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *