බොරු ප්‍රවෘත්ති කිය කියා ජනතාව අන්දවන්න ඕන නැහැ. ඕනෑම විවාදයකට අපි මැයි මාසේ සූදානම්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටට වෙනසක් අවශ්‍ය බවත් බංකොලොත් අප රටේ දැන්වත් මුසාවට මුලාවට කයිවාරුවට සෝබනයට විජ්ඡාවට නොරැවටිය යුතු බවත් වාදවිවාද කරනවා සේම රටට වැඩ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් තමා සහ අනුර කුමාර දිසානායක අතරත් වන විවාදයට සූදානම් බවත් ඒ සදහා නීතීඥ මණ්ඩලයට මැදිහත් වී එම විවාද දෙක මැයි මාසයේ පවත්වන ලෙස පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවාදය දිනුවත් පැරදුනත් සමසමව සිටියත් අවසානයේ එමගින් නිර්මාණය වන හරාත්මක ගුණාත්මක අදහස් මහපොළොවේ යථාර්ථයක් විය යුතු බවත් එය නියමිත කාලයකට අනුව සිදුවිය යුතු බවත් මේ රටේ ගැටලුවලට විසදුම් අවශ්‍ය බවත් වාදවිවාද මෙන්ම ජනතාවට විසදුම් අවශ්‍ය බවත් එම නිසා වාදවිවාදවලින් පැන නොයා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 165 වැනි අදියර යටතේ අද ගම්පහ අත්තනගල්ල උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

බොරු කතා කිය කිය කට්ටි පැන නොයන ලෙසත් ඕනෑම විවාදයකට තමා සූදානම් බවත් බොරැ රැස්වීම් ජනතාවට පෙන්වා ජනතාව ඇන්දවීම සිදු නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනපතිගේ මස්සිනාගේ පත්තරෙන් මඩ ගහනවා

මාධ්‍ය නිදහස කොන්දේසි විරහිතව රැකිය යුතුය බවත් එම මාධ්‍ය නිදහස් භාවිත කර විවිධ කණ්ඩායම් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරණ බවත් ජනාධිපතිවරයාගේ මස්සිනාගේ පුවත්පත් හරහා තමා ඉරාන ජනාධිපති හමුව තමා ප්‍රතික්ෂේප කළ බවට බොරු කියන බවත් තමා ඔහුව හමුවන්න සූදානම් බවට කිව්වත් ඔහු කාර්යබහුල නිසා හමු වෙන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භෝජන සංග්‍රහය ප්‍රතික්ෂේප කළේ මඩ ගහන නිසා

එසේම තමා ඉරාන ජනාධිපතිවරයාගේ භෝජන සංග්‍රහය ප්‍රතික්ෂේප කළේ එහි ඡායාරූප උපයෝගී කරගෙන සජිත් සහ රනිල් ඩීල් කියා බොරු පුවත් මවන නිසා බවත් ඉරාන ජනාධිපති හමුව නොව වත්මන් ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු හමුවීම පමණක් ප්‍රතික්ෂේප කළ බවත් එවැනි ඩීල් තමා ළඟ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා කෝවිඩ් ගැටලුවේදී ආදාහනයද භූමදානයද කියන ගැටලුව මතුවු අවස්ථාවේ පාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් එදවස්වල බොරු රූකඩ නායකයන් සිටියත් ඔවුන් එය ගනන් නොගෙන සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ක්‍රමය වෙනස් කළේ අපි

රටේ බහුතරයක් යන ක්‍රමය වෙනස්විය යුතු යැයි පවසන බවත් කුමන පක්ෂයක් හේ වේවා රටට වැඩක් කලේ ආණ්ඩු බලය සහිතව වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩක් කර පෙන්වූ බවත් ආණ්ඩුව කරන්න ඕන වැඩ විපක්ෂය ඉටු කරණ බවත් විපක්ෂයේ පක්ෂයක් වන සමගි ජන බලවේගය මෙය ඉටු කරන විට විපක්ෂයේ සෙසු පක්ෂවලට එය සිදු කළ නොහැක්කේ මන්ද කියා තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, දහනායක, සිරිමාවෝ මැතිනිය, ජේ. ආර් , ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා,චන්ද්‍රිකා මැතිණිය, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන්ම මේ පක්ෂ එක්ක හවුල් වී ආණ්ඩු කළ ජනතා විමුක්ති පෙරමුණවත් විපක්ෂයේ සිට වැඩක් නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව ඉන්නේ වැඩ කරපු නාය⁣කයෝ

මේ නායකයෝ වැඩ නොකළාට සමගි ජන බලවේගය හා එක්ව සිටින සියලු නායකයන් මේ වන විට විපක්ෂයේ සිට වැඩ කර පෙන්වා ඇති බවත් ඔවුන් කයිය නායකයෝ නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තොරතුරු තාක්ෂණ විෂය 1-13 ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැනිවිය යුතු බවට පවසන විට එසේ සිදු කළහැකි ද කියා ප්‍රශ්න කරන අයගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් ද රජයේ පාසල්වලට ද කියා ප්‍රශ්න කර සිටින බවත් මෙහෙම වෙනසක් ගැන කතා කරද්දි අන්තවාදී සමාවාදීයෝ, කොමියුනිස්ට් වාදියෝ, නමට සමාජවාදීන් බවත් මොවුන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 165 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1808ක් වැය කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *