බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *