අද දිනයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සුළු වැසි ඇති විය හැක. අපරභාග 2.00 න් පමණ පසුව දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත. කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර, සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ වෙනස් වන දිශාවන්ගෙන් හමා එනු ඇත. සුළගේ වේගය පැයට කිලෝමීටර් 20-30ත් අතර අගයක පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.


























