බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයාට බන්ධනාගාර නියාමකවරයෙක් පරුෂ වචනයෙන් බැණවදී.

2024.08.23 වන දින බෝගම්බර බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ඉදිරිපිට රැඳවියන් කිහිපදෙනෙකු සැකකටයුතු අයුරින් හැසිරෙන බවට බන්ධනාගාර අධිකාරීට නිරීක්ෂණය වී ඇති අතර, එහිදී ඒ සම්බන්ධව අධිකාරිවරයා විසින් සොයා බැලිමේදී සිරකරුවන් දෙදෙනෙකු හා සැකකරුවෙකු බහින්බස්වීමක් සිදු වුණු බව අධිකාරීවරයාට නිරීක්ෂණය වී ඇත.

එහිදි එම රැදවියන් කැදවා කරුණු විමසීමේදී අමුත්තන් බැලිමේ දී සැකකරුට ලැබි ඇති කෑම සහිත සාර්සලයක් සම්බන්ධව මෙම බහින්බස්වීම සිදු වී ඇත.

පසුව මෙම සිරකරුවන් සිරකරු භාරව රාජකාරී යොදවා සිටි කර්මාන්ත අංශයේ නිළධාරියාට අදාල අංශයේ සිරකරුවන් පිටතට පැමිණීම සම්බන්ධව විමසු අවස්ථාවේදී එම නිලධාරියා විසින් අධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇත.

මේ පිළිබදව බන්ධනාගාර අධිකාරීතුමා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත වාර්තා කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යොදවා විමර්ශණයක් ආරම්භ කර ඇත.

ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක )

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *