භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම

භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සදහා මුදල් ලබා ගෙන ඒම කටයුතු සිදු නොකළ බවට සහ රජයේ මුදල් රුපියල් මිලියන 4223ක් ක මුදලක් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන ජූලි මස 16 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද 8 නියෝග කළාය.
.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මෙම නියෝගය සිදු කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ආයතන ගණනාවක් යටතේ විමර්ශන සිදු කරන බවත් නීතිපති උපදෙස් අනුව ඇතැම් ආයතන සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අනෙකුත් සිද්ධීන් වලට අදාල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පොලිසිපතිවරයාට සිදු කළ ලිඛිත පැමිණිල්ලකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අධිකාරි තුයිය හැන්නදිගේ බුද්ධීක සරත් චන්ද්‍ර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයක් අනුව මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇත.

මෙම නඩුවට අදාළව ඇප මත මුදා හැර ඉසිර ධර්මප්‍රිය මෙන්ඩිස් , උපේන්ද්‍ර රත්වත්තේ, දුෂ්‍යන්ති,නන්ද සංජීව,ටී ආර් මෙන්ඩිස්  ඇතුලු එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ වරුන් පස්  දෙනෙකු ට එරෙහිව පවරා ඇත.
මේ සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ මූල්‍ය අපාරාධ කොට්ඨාසය  චෝදනා ගොනු කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *