බෞද්ධ විරෝධී කටයුතු නිසා තායිලන්තයෙන් හා ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළ වියට්නාම් සංවිධානයක පිරිසක් ශ්‍රමණ වෙස් ගෙන මෙරටට පැමිණ පාද යාත්‍රා සිදු කිරීම වහා නවතා දැමීමට පියවර ගන්නා මෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
2025.04.06 දිනැති ඒ ලිපියෙන් මහනාහිමියන් පෙන්වා දී ඇත්තේ ‘ලේ අන් ටූ’ නම් අය ඇතුළු මේ පිරිස විවිධ බෞද්ධ විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිසක් බවද එම පිරිස වියට්නාමයේ තහනම් සංවිධානයක පිරිසක් බවයි.
ඒ සම්බන්ධයෙන් වියට්නාම් හෝ චිං මින්ග් අන්තර්ජාතික බෞද්ධ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය කිව් නාත් ටූ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ දැනුවත් කර ඇති බවද උන් වහන්සේ එම ලිපියෙන් දැනුම් දී තිබේ.
සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙසේ රට තුළ පාද යාත්‍රා සිදු කිරීම බුදු දහමට මෙන්ම භික්ෂු ප්‍රතිරූපයට විශාල හානියක් බවද මේ පාද යාත්‍රා කිරීම් නවතාදැමීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිරූපය විනාශ කරන මේ පිරිස සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද මේ ලිපිය මඟින් උන් වහන්සේ වැඩිදුරටත් ඉල්ලා ඇත.
