මඩකලපුව දිවුලපතාන ගොවි ගැටලුවට අධිකරණ විසඳුමක්: ඉඩම් කච්චේරියක් පැවැත්වීමට නියෝග!

මඩකලපුව, දිවුලපතාන සිංහල ගම්මානයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණාත්මක නියෝගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ අගුලුගල්ලේ ජිනානන්ද හිමියන් පෙන්වා දුන්නේ, අදාළ ඉඩම් තමන්ට අයිති නැති බවට මහවැලි අධිකාරිය මගින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළව නඩු විභාග කිරීමෙන් අනතුරුව, වහාම ඉඩම් කච්චේරියක් පවත්වා විසඳුම් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි.​කෘෂිකාර්මික රටක් ලෙස ගොවියා සුරැකීමේ වැදගත්කම අවධාරණය කළ බෙන්ගමුවේ නාලක හිමියන් සහ සර්වජන බලය නියෝජනය කළ අනුරාධා යහම්පත් මහත්මිය, මුල් ඉඩම් හිමිකරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. රටට විශාල ආදායමක් ගෙන එන ගොවි ජනතාවට අද වන විට සිය වගාබිම් අහිමි වීමේ තර්ජනයක් මතුව ඇති බවත්, එය වැළැක්වීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.​මෙහිදී අදහස් දැක්වූ ජයසිංහ ඇතුළු ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පවසා සිටියේ මෙම සටන සඳහා අනුරාධා යහම්පත් මහත්මියගෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි. එමෙන්ම අම්පාර ප්‍රදේශයේ සිට පැමිණෙන ගවයින් නිසා තමන්ගේ වගාබිම් දැඩි ලෙස විනාශ වන බවත්, එම සතුන් ඉවත් කර ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට මහවැලි අධිකාරිය මැදිහත් විය යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.

What's your reaction?

Related Posts

1 of 1,063

Leave A Reply

Your email address will not be published. Required fields are marked *