මත්කුඩු ජාවාරමට ඇල්ලූ පාකිස්ථාන ජාතිකයින් 9 දෙනෙකුට වසර 10 බැගින් සිර දඬුවම්

2020 වසරේ නාවික හමුදාව සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 491ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 431ක් සමග අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයින් 9 දෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මෙලෙස දඬුවම් නියම කෙරුණේ ඔවුන් වරද පිළිගැනීම හේතුවෙන්.

මෙම සැකකරුවන් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්ථානය වෙත පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *