මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) අවධාරණය කළේය. එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ තම නීතිවිරෝධී ක්‍රියා නවත්වන ලෙසයි.සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘ජාතියක් එක්සත්ව’ ජාතික මෙහෙයුම දියත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම විනාශකාරී උවදුර මැඩපැවැත්වීම සඳහා රජයට සහ පොලිසියට පමණක් තනිව මුහුණ දිය නොහැකි බවත්, සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සඳහා පොලිසිය, හමුදාව, රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ බුද්ධි සේවා ඇතුළත් කර ගනිමින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා පැවසීය.






















