මත්ද්‍රව්‍ය ජාලයට හසුවූ පොලිස් නිලධාරීන් 100ක් දැලේ: පොලිස්පතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඌව පළාතේ පැවැති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් අමතමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේ, මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. මත්ද්‍රව්‍ය උවදුර පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන තුළට ද රීංගා ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පසුගියදා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් පුවත ද සිහිපත් කළේය. වැරදිකරුවන් පොලිස් නිලධාරීන් වූ පමණින් ඔවුන් ආරක්ෂා කිරීමට හෝ නීතිය මඟහැරීමට ඉඩ නොදෙන බවත්, සාමාන්‍ය වැරදිකරුවන්ට වඩා දැඩිව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.​එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ඇතැම් පිරිස් ද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඇබ්බැහිවීම්වලට සම්බන්ධ වී ඇති බව පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒවා තමන් වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා, ඒ සඳහා තම ජංගම දුරකථනය පැය 24 පුරා විවෘතව පවතින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *