මත්පැන් නිෂ්පාදන සඳහා බදු ගෙවීමේ කාලසීමාවට සහ බදු අය කිරීමේ ක්‍රමවේදයට අදාළ නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මුදල්, සැලසුම්කරණ හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය අද (දින සිට) බලාත්මක වේ.මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ, සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ ඊට පෙර සෑම බලපත්‍රලාභියෙකුම බදු ගෙවිය යුතු බවයි.තවදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ, නියමිත දින සිට දින 30ක් ඇතුළත සම්පූර්ණ බද්ද හෝ ගාස්තුව ගෙවීමට අපොහොසත් වන බලපත්‍රලාභියෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවයි.























