මතුගම පොලිස් ස්ථානයට අයත් පිස්තෝලයක් සහ සජීවී පතොරම් 10 ක් සහිත මැගසිනයක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ස්ථානයේ සිදු කරන ලද ලේඛන විගණනයකදී මෙම ගිනිඅවිය සහ පතොරම් තොගය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳව සිදු කළ විමර්ශනවලින් අනතුරුව මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මකය.


























