මදුරු වසංගත අවදානම ඉහළට!

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මදුරුවන්ගේ ඝනත්වය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රේෂිලා සමරවීර මහත්මිය පැවසුවාය.​නිල දත්තවලට අනුව, ඊයේ (20) වන විට මෙම වසරේ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,538 කි. මෙයින් 44.3% ක් බස්නාහිර පළාතෙන්ද, 13.9% ක් සබරගමුව පළාතෙන්ද වාර්තා වී ඇත.​පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට නොලැබුණද, පවතින කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වැඩි වීමේ අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු පාලන ඒකකය (NDCU) අනතුරු අඟවයි.​වෛද්‍ය සමරවීර මහත්මිය දැනට වැඩිම අවදානමක් ඇති දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල හඳුනාගෙන ඇත.​මේ අතර, ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මරණ 22ක් සිදුවී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුරයෙනි.​මෙම කාල සීමාව තුළ උණ, ඇඟපත වේදනාව, මාංශ පේශි වේදනාව, වමනය හෝ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවටද වෛද්‍ය සමරවීර මහත්මිය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.

What's your reaction?

Related Posts

1 of 800

Leave A Reply

Your email address will not be published. Required fields are marked *