මධ්‍ය කඳුකරයේ අනතුරු බහුල ස්ථානවල මාර්ග දෙපස ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර..

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවයි.

ඉන් කිලෝමීටර් 15ක ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ  කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇති.

මේ යටතේ මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 743

Leave A Reply

Your email address will not be published. Required fields are marked *