


වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ රසවින්දනය උදෙසා වැලිකඩ බන්ධනාගාර පුනරුත්ථාපනය අංශය මගින් සංවිධනය කල “මනමාල හැන්දෑව” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය 2025.01.29 වන දින ප.ව. 01.00 සිය 04.30 දක්වා වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රෙය්දී පැවැත්විය.
ප්‍රවීන සංගීතඥ කීර්ති පැස්කුවල් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමන්ගේ ගී ඇතුළු සංගීත ක්ෂත්‍රයේ ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගායනයෙන් හා වාදනයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.
මෙම අවස්ථාව සදහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) බි.එම්.යු.ජි.ඒ.කේ. බස්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) එස්.කේ.පල්ලතැන්න මහතා , අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්.සුරංජී විජයවර්ධන මිය, කොමසාරිස් (අභ්‍යන්තර විගණන) ඩී.එම්.බී.කරුණාරත්න මහතා , බන්ධනාගාර මූලස්ථාන අධිකාරී නිමල් ශාන්ත මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායාක මහතා, කොළඹ රිමාන්ඩ බන්ධනාගාර අධිකාරී ගලප්පත්ති මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් රැසක්, ආරාධිත අමුත්තන් හා බන්ධනාගාර ගත නේවාසිකයින් සහභාගී විය.
ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)