කථානායක ජගත් වික්‍රමාරන්ත්‍ර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර ඇත.විපක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.තම ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.ජගත් විතාන ඇතුළු ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් මෑතකදී ආරක්ෂක ගැටලු මතු කර ඇති අතර, තමන්ට මරණ තර්ජන ලැබී ඇති බවට පැමිණිලි කර තිබුණි.
 
 























