මන්ත්‍රී වැටුප් බැර කෙරෙන්නේ කාගේ ගිණුම්වලටද? අල්ලස් කොමිසම පාර්ලිමේන්තුවෙන් විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කරන්නේද නැතහොත් යම් නිශ්චිත පොදු ගිණුමකට බැර කරන්නේද යන්න පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් කරුණු විමසා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙත රජයේ අරමුදල්වලින් ගෙවන මාසික වැටුප් දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා බවත්, එය දූෂණ ක්‍රියාවක් බවත් පවසමින් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.​පසුගිය වසරේ සැප්තැම්බර් 21 වනදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ගම්මන්පිල මහතා, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ එම විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව අල්ලස් කොමිසමෙන් කරුණු විමසා සිටින බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 972

Leave A Reply

Your email address will not be published. Required fields are marked *