මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියට එරෙහිව හිටපු මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර තිබේ. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත්, පියසෝම උපාලි සහ උපාලි අමරසිරි යන මහත්වරුන් විසිනි.​නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. එබැවින්, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 968

Leave A Reply

Your email address will not be published. Required fields are marked *