මනුෂ්‍ය ඝාතනයක්

කුලියාපිටිය පොලිස් වසමේ පරගහරුප්ප ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.මෙලෙස ඝාතනයට ලක්‌ වී ඇත්තේ වයස අවුරුදු 37 ක් වූ පරගහරුප්ප, දීගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.මරණකාරිය හා පුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් මත බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් පසු පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *