මම ගායන ක්ෂේත්‍රයට එන්න කලින් අවුරුදු 10ක් හොටෙල් වල සින්දු කිව්වා

 ‘රවුම් කඩේ’ සින්දුව කාලයක් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ ඉහළම රැඳුණු ගීතයක් බවට පත්වුනු නිර්මාණයක් උනා. අදටත් රවුම් කඩේ සින්දුව ගැන කතා කරද්දි කාගෙන් මතකෙට එන ඒ අපූරු ගායකයා තමයි ගයන්ත විජේරත්න කියන්නේ.

කාලයත් එක්ක ඔහුගේම නිර්මාණ සමග ගයන්ත ජනප්‍රිය වුණත් පසුගිය කාල සීමාවේදී නම් ගයන්ත කියන ගායකයාව අපිට ප්‍රසිද්ධ වේදිකාවල රූපවාහිනී මාධ්‍යවල දකින්න ලැබුණේ ඉතාමත් අඩුවෙන්. ඔහු අවුරුදු හතරක් විතර සින්දුවක්වත් කරලා නැතුව කාලය ගත කරලා තියෙනවා.

නමුත් ආයෙත් සංගීත ක්ෂේත්‍රයේ පටන් ගැන්මක් විදිහට ගයන්ත නැවතත් නිර්මාණ හදන්න පටන් අරන්. ගයන්ත කියන විදිහට ඔහු සංගීත ක්ෂේත්‍රයට ආවේ ඒ තරම් ලේසි පහසු ගමන් මගක් හරහා නෙවෙයි.

ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු බාධක අභියෝග අපමණයි. නිල වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ ගායකයෙක් වෙන්න කලින් ඔහු ගත කරපු ජීවිතය සහ ඒ අතීතය ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. “මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් අවුරුදු දහයක් විතර හෝටල් ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි සින්දු ගායනා කළා.එල්විස්ගේ සින්දු තමයි ගොඩක් ගායනා කළේ.පස්සෙ වසන්ත දුක්ගන්නාරාල මට කිව්වා මචං දැන් ලංකාවෙ මිනිස්සුන්ටත් සිංදු ටිකක් කරන්න කියලා.

ඊට පස්සේ තමයි මම සිංහල සින්දු කියන්න පටන් ගත්තේ” ඉතින් ගයන්ත ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුනේ. ඔහු මේ වෙද්දි ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ඔහුගේ ආදරණීය බිරිඳත් වෘත්තියෙන් ගුරුවරියක්. ඉතින් මේ සුන්දර ජීවිතය තව තවත් සුන්දරව ගත කරමින් සංගීත ක්ෂේත්‍රයට තවත් අලුත් නිර්මාණ බිහි කරන්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

What's your reaction?

Related Posts

1 of 681

Leave A Reply

Your email address will not be published. Required fields are marked *