මම බොරු සහතික ඉදිරිපත් කරලා තියන බව ඔප්පු කළොත් දේශපාලනයෙන් අයින් වෙනවා – සජිත් කියයි

තමා කිසිදු ජීව දත්ත පත්‍රිකාවක නොලැබූ සුදුසුකමක් සදහන් කර නොමැති බවත් සියලු කරුණු ඉදිරිපත් කළේ විනිවිදභාවයෙන් යුක්තව බවත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාව තහවුරු කළ හැකි බවත් තමා කියන සහ ඉදිරිපත් කරන සෑම දෙයකටම සහතික පත්‍රයකටම තමා වගකියන බවත් තමා බොරුවක් කර ඇත්නම් මන්ත්‍රීකමෙන් විපක්ෂ නායකකමෙන් ඉවත් වී දේශපාලනයෙන් ද ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී තම අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ නිරවද්‍ය සහතිකපත්‍ර සහ ලේඛන සබාගත කරමින් සිදු කළ කතාවේදීය.

තමා පෙර පාසල් ආරම්භ කළේ සෙන් බ්‍රිජට් කොන්වන්ට් එකෙන් බවත් 1 සිට 5 දක්වා ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් සහ 6 සිට 9 දක්වා රාජකීය විද්‍යාලයටත් ගිය බවත් සාමාන්‍ය පෙළ විභාගයට මෙරට දී පෙනී නොසිටි බවත් තමා සතුව අස්වීමේ සහතික පවා ඇති බවත් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙසත් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත් සිටි බවත් ඒ සහතික සියල්ල සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන් පසුව එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බවත් 1983 සහ 1984 කාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් යැයි W9ක් ඇති බවට පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් ඒ කාලයේ W යන සාමාර්ථ නොතිබූ බවත් A සාමාර්ථ සහ B සාමාර්ථ සහිත තිබූ බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් කියන බොරුව සමාජගත කරන අයට මේ සහතික පරීක්ෂා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිල්හෙල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ කාලයේ 1984 වසරේ නිවාස ශිෂ්‍ය නායකයකු 1985 දී පාසල් ශිෂ්‍ය නායකයකු 1986 වෙනකම් ක්‍රිකට් ක්‍රීඩා කර 1985 ක්‍රිකට් කණ්ඩායමේ ලේකම් සහ 1986 ක්‍රිකට් කණ්ඩායමේ නායක පවා වූ බවත් ඊට අදාළ සාක්ෂි තමා සතු බවත් 1986 දී උසස් පෙළ විෂයන් 3න් 2ක් එනම් දේශපාලන විද්‍යාව හා ව්‍යාපාරික අධ්‍යයනය පාසල් ත්‍යාගය පවා ලබා ගත් බවත් උසස්පෙළ ප්‍රතිඵල ලේඛනය ද සභාගත කරන බවත් එයට අනුව උසස්පෙළට B දෙකයි C එකක් ද ඇති බවත් මේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිය හදාරණන්න ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය බවත් 1991 දී උපාධිය ලබා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය

.ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් යන විශ්වවිද්‍යාලයෙන් තමාට ලියූ ලිපි සහ උපාධි සහතික ද ඇති බවත් ඉන්පසුව ඇමෙරිකාවේ යුනිවසර්සිටි ඔෆ් මේරිලන්ඩ් කොලේජ් පාර්ක් යන විශ්වවිද්‍යාලයට මාස්ටර් ඔෆ් පබ්ලික් මැනේජ්මන්ට් යන පාඨමාලාව හදාරන බවත් 1991 සහ 1992 දී විෂයන් 8කට මුහුණ දී විෂයන් 6කට A සාමාර්ථ සහ විෂයන් 2කට B සාමාර්ථ ලබා ගත් බවත් ඒවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් 1993 මැයි 1 පියාගේ අභාවයත් සමග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය කළ බවත් ඇමෙරිකාවේ මාස්ටර් උපාධිය හදාරණ විට වසර 2ක් සෙනට් මණ්ඩලයේ සෙනට් සභිකයකු වූ ලැරී ප්‍රෙස්ලර් නම් පුද්ගලයා ළඟ ස්වේච්චා සේවකයකු ලෙස වැඩ කළ බවත් ඊට අදාළ සහතික ද ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය

.එමෙන්ම 2021 සහ 2022 වසරේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවත් එයට ඇතුළත් වූ පදනම එහි ආචාර්යවරියක් වූ අගමැතිතුමියත් දන්නා බවත් පාරිසරික විද්‍යාව සම්බන්ධ මාස්ටර් එකක් එහි සිදු කළ බවත් එහි දී අගමැතිවරිය පැවැත් වූ පන්තිවලට ද සහභාගී වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *