මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘතින් රැසක් නව රජය යටතේ මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇති අතර ඒ අතරින් සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීම උදෙසා නව whatsapp අංකයක් ද හඳුන්වා දී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව. 071 40 33300 whatsapp අංකයට යොමු කිරීමට මේ තුළින් සේවාලාභීන්ට හැකියාව ඇත.
071 40 33300 whatsapp අංකය වෙත මහජනතාව විසින් ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වන විටත් සලසා ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන ලදි. නව TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.