මහනුවරට පිටුපසින් බදුල්ලටත් බෝම්බ බියක්: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩි සෝදිසියක!

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ තර්ජන දෙකකට පසුව, අද දිනයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද බෝම්බ බියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිසියට අනුව, මෙම නවතම තර්ජනය විද්‍යුත් තැපෑල (Email) මාර්ගයෙන් ලැබී ඇති අතර, එය මීට පෙර මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වූ තර්ජනවලට සමාන ස්වභාවයක් ගනී.​මෙම තත්ත්වය හමුවේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් වහාම එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණි. විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා අදාළ පරිශ්‍රය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත්, මෙතෙක් කිසිදු සැකකටයුතු වස්තුවක් හමු වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *