මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ශිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය මෙවරද පැවැත්වුනා ශ්‍රී දළදා මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවෙනවා ඒ අනුව අද දිනද ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් තේවාව භාර නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබුවා ශ්‍රී දළදා මාලිගාවේ වී අටුව පල්ලිකැලේ ඉදිකර ඇති අතර එතැන සිට පෙරහැරින් අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් රැගෙන ඒම පෙරහැරින් සිදු කරනු ලබනවා. ඒ අනුව ඒ සහල් රැගෙන විත් සුරක්ෂිතව තබා දුරුතු පුන් පොහෝ දින දහවල් ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කිරීම සෑම වසරකම සිදුවන කටයුත්තක්. ඒ අනුව මෙවරද ඒ කටයුතු ඒ ලෙසම ඉටු කරන ආකාරයක් අපට දක්නට ලැබුණා. මේ අවස්ථාවට දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදේශ නිලංග දෑල නිලමේතුමන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටිය