මහනුවර කිරුම් මිනුම් අධිකාරි කාරයාලය, පාරිභෝගික සේවා අධිකාරිය හා මූලස්ථාන පොලිසිය එක්ව මහනුවර මධ්‍යම වෙළඳපොළ ආශ්‍රිතව සිදුකරන ලද හදිසි වැටලීමකින් නීති විරෝධී ආකාරයෙන් කිරුම් මිනුම් සිදුකළ වෙළෙඳුන් 27 ක් සඳහා නීතිමය පියවර ගෙන ඇති අතර තවත් වෙළෙඳුන් විශාල පිරිසකට දැඩි අවවාද කොට නිදහස් කොට තිබේ. මෙම වෙළෙන්දුන් 2025 වසර සඳහා බලපත්‍ර නොමැති කිරුම් මිනුම් උපකරණ භාවිතා කිරීම, අඩුබර කිරීම, නිෂ්පාදක දින හෝ කල් ඉකුත් වන දින පිළිබඳ සටහනක් නොමැති ආහාර වර්ග අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම , මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම ඇතුළු වැරදි රසක් සිදුකළ පුද්ගලයෝ බව මහනුවර සහකාර කිරුම් මිණුම් අධිකාරි A G S ආරියපාල මහතා සඳහන් කරයි. මෙම හදිසි වැටලීම් අවස්ථාවේදී මධ්‍යම වෙළඳපොළේ ඇතැම් වෙළෙන්දෝ ඊට එරෙහි වීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයන් පවා ඇති විය