මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් තැපෑලට (Email) ලැබුණු පණිවිඩයක් හේතුවෙන් අද දිනයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මේ පිළිබඳව වහාම මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට පොලිස් බලධාරීන් පියවර ගෙන තිබුණි.පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහභාගීත්වයෙන් අදාළ පරිශ්‍රය පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. ඒ අනුව එම ස්ථානයෙන් ඉවත් කළ හැකි සියලු දෙනා ඉවත් කර ඉතා සූක්ෂ්ම ලෙස මෙම පරීක්ෂාවන් සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.කෙසේ වෙතත්, පොලීසිය නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, මෙම දීර්ඝ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ උපකරණයක් හමු වී නොමැති බව තහවුරු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ආරක්ෂක පියවර තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.


























