මහනුවර දුම්රිය මාර්ගය වසරකින් යථා තත්ත්වයට: ඩොලර් මිලියන 127ක දැවැන්ත ව්‍යාපෘතියක්!

සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මහනුවර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසරක් ඇතුළත අවසන් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය සිට රඹුක්කන දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 74ක් සහ ගම්පොළ සිට නාවලපිටිය දක්වා මාර්ගය වෙනුවෙන් ඩොලර් මිලියන 35ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව, ඓතිහාසික ‘යකා පාලම’ නවීකරණය කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 18ක පිරිවැයක් දැරීමට නියමිතය. රජය සතුව මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවතින නමුත්, අවශ්‍ය තාක්ෂණික උපකරණ සපයා ගැනීම දැනට පවතින ප්‍රධානතම අභියෝගය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *