මහවැලි ප්‍රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කෙරේ!

අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම පාලනය කිරීම සඳහා මහවැලි අධිකාරිය විසින් අද (18) පෙවරු 10:20 ට ප්‍රධාන ජලාශ තුනක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් සෙන්ටිමීටර 70 බැගින් ද, රන්දෙණිගල ජලාශයේ එක් දොරටුවක් මීටර් 2.5 ක් සහ අනෙක් දොරටුව මීටර් 1 ක් වශයෙන් ද විවෘත කර තිබේ. මීට අමතරව රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් 2 ක් සහ මීටර් 2.5 ක් වන සේ විවෘත කර ඇත. මේ හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටී.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *