මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත විය.
මිය යන විට 80 වියේ පසු වු හෙතෙම කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.
ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති මෙහි ඇතුළත් වේ.
ඔහු විසින් රචනා කළ කෘතින්ගේ සමාජ මුහුණුවර1984 වර්ෂයේ සහ යථාර්ථය සහ නිර්මාණ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.
විශේෂයෙන් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පරිවර්තනය වී ඇත.

























