මහා බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් වෙයිද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද (26) දහවල් කොළඹ කොටුව පිහිටි ශ්‍රි ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් විය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, වසර දෙකක් තිස්සේ ඉතා විශාල ලෙස සෘණ අගයන් ගනිමින් හැකිළුනු ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ 5%ක ධන ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර ඇතැයිද, මෙම ප්‍රවනතාවය අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමත් සමග වසර 2026 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2018 තිබූ ත්ත්වය අභිබවා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වනු ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2025 මාර්තු මාසය වන විට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට ගනු ලැබූ තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා මෙසේ කීය.

“මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා දින පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කළා.දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණා. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5ක ඉලක්කය කරා ළඟා වීම සහතික කරමින් දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සහාය වනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *