ම්ලේච්ඡ ත්‍රස්ත විරෝධී පනත්වලට එරෙහිව මඩකලපුවේදී දැවැන්ත විරෝධතාවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පූර්ණ ලෙස අහෝසි කරන ලෙසත්, යෝජිත රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PSTA) විරෝධය පළ කරමින් අද (28) මඩකලපුවේදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. කල්ලඩි පාලම අසලින් ආරම්භ වී ගාන්ධි උද්‍යානය දක්වා ගමන් කළ මෙම විරෝධතාව සඳහා සිසුන්, තරුණයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.​දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාජපුතිරන් රාසමාණික්කම් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ. මානව හිමිකම්, යුක්තිය සහ නීතිය ඉදිරියේ සමානත්වය සුරැකෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළ සංවිධායකයින්, බලයට පත්වීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගය (NPP) රජය, දැන් එම පොරොන්දුව ඉටු කළ යුතු බවට දැඩිව බලකර සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *