අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව අන්තර් හුවමාරුවේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කළ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්, එහි තිබී රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරීක්ෂාව අතරතුර මෝටර් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා පලා යාමට උත්සාහ කර ඇති නමුත් නිලධාරීන් විසින් ඔවුන්ව ක්ෂණිකව මෙල්ල කර ගෙන ඇත.අදාළ රථය සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණු අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර ප්‍රදේශයේ පදිංචි 20 සහ 21 යන වයස්වල පසුවන තරුණයන් බව හඳුනාගෙන තිබේ. අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.


























