සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරන්නේ මෙරට ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට කිසිදු ආකාරයක වාරණයක් හෝ නියාමනයක් පැනවීමට රජයේ කිසිදු අවධානයක් යොමුවී නොමැති බවයි. කෙසේ වෙතත්, රට වටා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය සඳහා රජයේ කඩිනම් අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, කොළඹ නගරයෙන් පිටත ඉදි කෙරෙන පළමු ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමට දඹුල්ල නගරයේදී මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම මධ්‍යස්ථානය රුපියල් මිලියන 129 ක් වැය කරමින් දඹුල්ල නගරයේ ඉදි කිරීමට නියමිත අතර, එය කඩිනමින් අවසන් කර ජනතාවට සේවා සැපයීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසීය.දැනට මිලියන පන්දහසක අලාභයකට පවත්වාගෙන යන, මෙරට පැරැණිම දෙපාර්තමේන්තුව වන තැපැල් දෙපාර්තමේන්තුව පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, අතීතයේ සිටම මහජනතාව තුළ තැපැල් සේවාව පිළිබඳව යම් ගෞරවයක් හෝ දැක්මක් නොතිබුණු බව පෙන්වා දුන්නේය. තැපැල් සේවාව තිබූ තත්ත්වයෙන් එහාට ගෙන ගොස් ජනතා සේවා සපයන ආයතනයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය හරහා හෝ ජනමාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශයන් වගකීමෙන් යුතුව සිදුකළ යුතු බව අවධාරණය කළේය. කිසිදු ආකාරයකින් මාධ්‍ය හිරිහැරයට ලක් කිරීමට රජයේ අවධානයක් නොමැති වුවද, ඉදිරියේදී සමාජ මාධ්‍ය භාවිතා කරන අය පිළිබඳව විශේෂ නීති රාමු ගෙන ඒමට මේ වන විටත් ජනතාවගේ අදහස් විමසමින් සිටින බව හෙතෙම කියා සිටියේය.රට වටා විසිරී සිටින ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සිදුකරන සේවාව ඉදිරියේදී රජය ඇගයීමට ලක් කරන බවත්, ඔවුන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන්, උපකරණ ලබා දීම සහ දේශීය මෙන්ම විදේශීය අත්දැකීම් හුවමාරු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදල් බෙදා හරින්නේනැද්දැයි රජයෙන් ප්‍රශ්න කිරීම ආධුනික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ සිදු නොකරන ප්‍රාථමික ප්‍රකාශයක් බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රබල ලෙස විවේචනය කළේය.දඹුල්ල නගරය වෙනම වාණිජ නගරයක් ලෙස පහසුකම් සපයා සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වන විටත් දඹුල්ල නගරයට නව ඉදිකිරීම් රැසක් ලබා දීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කොට ඇති බවද හෙතෙම පැවසීය.පළාත් පාලන ආයතනවල පැවැත්වෙන අයවැය පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, පක්ෂ ලේකම්වරුන් ඉතා සූක්ෂම ලෙස එම පරාජය කිරීම් සඳහා තම මන්ත්‍රීවරුන් යොදවා ගන්නා බව සඳහන් කළේය. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවල සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා ප්‍රාදේශීය සංවර්ධනයට කැමැත්තෙන් දායකත්වය ලබාදෙන බවද ඔහු සඳහන් කිරීම විශේෂත්වයකි.























