මානසික සෞඛ්‍ය ගැටලුවලදී පමා නොවන්න: 1926 ක්ෂණික ඇමතුම් සේවාව පැය 24 පුරාම විවෘතයි!

ඔබ යම් මානසික පීඩනයකින් හෝ හදිසි මානසික සෞඛ්‍ය ගැටලුවකින් පසුවන්නේ නම්, ඒ සඳහා වහාම සහාය ලබා ගන්නා ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දැඩි මානසික පීඩාවකින් හෝ අර්බුදකාරී තත්ත්වයකින් පසුවන ඕනෑම අයෙකුට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ‘1926’ යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් පැය 24 පුරාම නොමිලේ උපදෙස් සහ මඟපෙන්වීම් ලබාගත හැකි බව බලධාරීහු පවසති. මානසික සෞඛ්‍ය ගැටලුවලදී වෘත්තීය සහාය ලබාගැනීමට පසුබට නොවන ලෙසත්, මුල් අවධියේදීම සිදුකරන මැදිහත්වීම් මගින් බරපතළ ප්‍රතිඵල වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *