මාඳුරු ඔය ගුවන් යානා අනතුරින් හමුදා සාමාජිකයින් 5ක් මරුට..

මාඳුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි 05 දෙනෙකු මියගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.

ඔහු සදහන් කළේ, යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 03 දෙනෙකු සහ ගුවන් හමුදා භටයින් 02 දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි

බේරාගත් අය අතර ගුවන් නියමුවන් දෙදෙනාද සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ ය.

යානයේ සිටි 11 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ එම හෙළිකොප්ටරය අද පෙරවරු 8.17 ට පමණ මාඳුරු ඔය ජලාශයට කඩා වැටුණි.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් අද උදෑසන 6. 47 ට එය ගුවන් ගත කර ඇත්තේ , මාඳුරු ඔය බලා ගමන් කිරිමට බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඒ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සන්දර්ශනයකට සහභාගි වීමටයි..

What's your reaction?

Related Posts

1 of 739

Leave A Reply

Your email address will not be published. Required fields are marked *