මාරක අනතුර සිදුකල දොඹකර රථයේ හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ දොඹකර රථයේ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කල බවත් එහිදී ඔහු ගංජා පානය කර ඇති බවට සොයාගත් බවයි.
පොලීසිය පවසන්නේ රියදුරුගේ නොසැලකිලිමත් බව හා අපරික්ෂාකාරී රිය ධාවනය නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි.
දොඹකර රථයේ හිමිකරු හා රියදුරු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මේ අතර මෙම රිය අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.