ඊයේ (13) දිනයේ රටේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය ප්‍රකාශ කළේය. මෙම අනතුරු බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරගොඩ සහ කඩවත පොලිස් වසම්වලින් වාර්තා විය. බොරලැස්ගමුවේදී, කොළඹ–හොරණ මාර්ගයේ පිරිවෙන් හන්දිය අසලදී ලොරියක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් මොරටුවේ 19 හැවිරිදි තරුණයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය. වැල්ලව පොලිස් වසමේදී රත්මලේ ප්‍රදේශයේදී ගෝනගම–රංගම මාර්ගයෙන් ඉවතට පැන ටිපර් රථයක් පෙරලීමෙන් වාරියපොල පදිංචි 50 හැවිරිදි රියැදුරු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියේය. දංකොටුව පොලිස් වසමේදී දංකොටුව–පන්නල මාර්ගයේදී ඉදිරියෙන් පැමිණි ලොරියක යතුරුපැදිය ගැටීමෙන් කොච්චිකඩේ පදිංචි 18 හැවිරිදි යතුරුපැදි කරුවෙක් ජීවිතක්ෂයට පත්විය. එසේම මදුරගොඩ ප්‍රදේශයේදී අල්වලපිටිය ප්‍රදේශයේදී මාතලේ–කුරුණෑගල මාර්ගයේදී ඉස්සර කරමින් සිටි යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් මදුරගොඩ ප්‍රදේශයේ 50 හැවිරිදි තවත් යතුරුපැදි කරුවෙක් මිය ගියේය. මේ අතර කොළඹ–නුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරෙන ලොරියක ගැටීමෙන් පිටුපස ගමන් කළ කඩවත ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියාය. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


























