මාරවිලදී අසල්වැසියා කළ පහරදීමකින් පුද්ගලයෙකු මියයයි

​මාරවිල පොලිස් වසමට අයත් දුනුකන්නාව ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙසැම්බර් 22 වනදා පස්වරුවේ සිදුවූ මෙම මාරාන්තික පහරදීමට හේතුවී ඇත්තේ අසල්වැසියෙකු සමඟ ඇතිවූ බහින්බස්වීමක් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.​පහරදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අසල්වැසියෙකු වන 43 හැවිරිදි සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *