මාර්ග අනතුරු අවම කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති කියන කතාව

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති රීති ගෙන ඒමට අවශ්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට තිබෙන නීතී රිති ද ශක්තිමත් කරන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීතී රිති පොලිස් නිලධාරින් විසින් නිසි ලෙස ක්‍රියාවට යෙදවිය යුතු බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම නීති රීති ක්‍රියාවේ යොදවන් නැති අවස්ථා පිළිබඳව ද සොයා බලන බව අමාත්‍යවරයා සදහන් කළේ ය.

මේ අතර කොත්මලේ බස් රථ අනතුර පිළිබද විමර්ශනය කිරිමට පත් කළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *