මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයාට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට” අදාළව ඉදිරිපත් කර තිබෙන “සංශෝධිත පනත්” කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දෙන බව නිවේදනය කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය. අම්භිකා සත්කුනනාදන් ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් අද (23) ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු සඳහන් කර සිටි මෙම සංශෝධිත පනත් කෙටුම්පත තුළ තිබෙන තහනම් ප්‍රකාශ යන්න පැහැදිලිව අර්ථකථනය කර නොමැති බවත් ඊට අදාළ දඬුවම්ද නිශ්චය කර නොමැති බවයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට සුදුසු සංශෝධන පිළිබඳව විෂය භාර අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ පුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *