මාර්ග සංවර්ධන කටයුතු අධීක්‍ෂණයට කළමනාකරණ කමිටුවක් – ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

මාර්ග සංවර්ධන කටයුතු අධීක්‍ෂණය සඳහා කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, මාර්ග සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යයන් සිදු කිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප‍්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි කාර්යක්‍ෂමව සිදු කළ යුතු ආකාරය පිළිබඳව පැවැති සාකච්ඡාවකදී ඒ පිළිබඳව අවධානය යොමු වූ බවයි.

එහිදී අධිවේගී ඇතුළු සියලුම මාර්ග හා සංවර්ධන කාර්යයන් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

විදුලි, ටෙලිකොම්, ජල සම්පාදන ආදී ආයතන මගින් සම්බන්ධතා ලබාදීමේදී මාර්ගවලට සිදුවන හානි වළක්වා ගැනීමට සඳහා එම ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙන්ම නව තාක්‍ෂණික ක‍්‍රම යොදා ගනිමින් නව ප‍්‍රවේශ හඳුනා ගැනීම සිදුකළ යුතු බව එම සාකච්ඡාවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබේ.

What's your reaction?

Related Posts

1 of 621

Leave A Reply

Your email address will not be published. Required fields are marked *