මාර්තු මහපොළ වාරිකය නියමිත දිනට පෙරම ගිණුම් වෙත

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) දින බැංකු ගිණුම් වෙත බැර කර තිබේ. ඒ අනුව රුපියල් 10,000 ක වටිනාකමකින් යුත් එම මාසික වාරිකය ලබාගැනීමට සියලුම ශිෂ්‍යත්වලාභී සිසුන්ට දැන් අවස්ථාව උදා වී ඇත.​මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර මාර්තු වාරිකය නියමිත දිනටත් පෙර සිසුන් වෙත මුදාහැරීමට හැකිවී තිබේ. ශිෂ්‍යත්ව භාර අරමුදලේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස කඩිනමින් ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකි වූ බව එම අරමුදලේ පාලනාධිකාරිය සඳහන් කරයි.​මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පවසා සිටියේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම මූල්‍ය පහසුකම නියමිත වේලාවට ලබාදීම සිය අරමුණ බවයි. ශිෂ්‍ය ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් අරමුදල ගෙන යන මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,090

Leave A Reply

Your email address will not be published. Required fields are marked *