මාලඹේ සිට අඹතලේ දක්වා සොර සතුරන්ගේ ගහනයට නතු වෙලා – විශේෂ විමර්ශනයක්‌ ඇරඹේ

.මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවත මේ වන විට සොර සතුරන්ගේ ගහනයට නතු වී තිබෙන ප්‍රදේශයක් බවට වන විවිධ පැමිණිලි ප්‍රදේශවාසීන්ගෙන් නිරන්තරයෙන් ලැබී තිබෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සඳහන් කරනවා

මොවුන් මෙම මාර්ගය තුළ ගමන් ගන්නා රථවාහන විවිධ උපක්‍රම භාවිතා කරමින් නවත්වාගෙන ජනතාවගේ රථවාහන ආදී විවිධ දෑ සොරා ගන්නා බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන් සමඟ අද (23) උදෑසන සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම ප්‍රදේශය මහජන හිතකාමී සහ ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත්කිරීමට පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් මෙම සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීම කෙරෙහි මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන මෙම ප්‍රදේශය මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා යටතට ගැනීම කෙරෙහි ද අවධානය යොමුවිය.,

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *